Wednesday, April 7, 2021

මොනවාද මේ Binary Options Trading කියන්නේ?



 Binary option trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක්. හැමෝම කියන දෙයක් තමා Binary Options කියන්නේ ඉතාමත් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක් කියලා.

ඒත් ඇත්තටම Binary Options Trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක් වුනාට හැමෝම කියන තරම් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක් නම් නෙමේ.

කාලයත් සමග ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් අනුමාන කරලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.

Binary Options වලදීත් අපි trade කරන්නේ commodities (වෙළෙඳ භාණ්ඩ, උදා:බොරතෙල්, රත්තන්), currencies (මුදල් වර්ග, උදා: USD, JPY,AUD), indices (දර්ශක, උදා:Dow Jones Industrial Average,S&P 500 Index), cryptocurrencies(ගුප්තක, උදා: Bitcoin, Litecoin, Etherium) සහ stocks(කොටස්, උදා: Google Stocks, Amazon stocks) තමයි. ඔයාලා register වෙන බ්‍රෝකර් අනුව ඔයාලට මේ හැම එකම trade කරන්න අවස්ථාව නොලැබෙන්නත් පුළුවන් බොහොමයක් බ්‍රෝකර් ආයතන මගින් currencies, cryptocurrencies, commodities සහ stocks trade කිරීමට ලබා දෙන අතර. බහුතරයක් වූ බ්‍රෝකර් ආයතන indices trade කිරීමට ලබා නොදෙයි.

මනා පුහුණුවක් ලබා ගැනීමෙන් පසු ඉතා ඉවසීමෙන් යුතුව Binary Options Trading කරන කෙනෙකුට නම් දිනකට පැය භාගයක් පමණ Binary Options Trading කර වුවත් ඔබ සාමාන්‍ය රැකියාවක් කිරීමෙන් ලබනවාට වඩා ඉතා ඉහළ ආදායමක් ලබන්න පුළුවන්.

ඒ වගේම තමයි Binary Options Trading වලදී අපිට ලැබෙන ප්‍රතිලාභයටත් වඩා අවදානමක් තිබෙන නිසා ඔබට අවදානමට ලක් කල නොහැකි මුදලක් නම් කිසිවිටකවත් මේ සඳහා යොදවන්න එපා.

අපට මීළඟට අවශ්‍ය වන දේ නම් Binary Options Trade කිරීම සඳහා අත්‍යාවශ්‍යම දේ පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමයි. ඒ සඳහා පහත link එක මඟින් “හැමෝටම Binary Options Trading කරන්න පුලුවන්ද?” ලිපිය කියවීම සඳහා යොමුවන්න.

No comments:

Post a Comment