Wednesday, April 7, 2021

හැමෝටම Binary Options Trading කරන්න පුලුවන්ද?

 Binary option trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක්. හැමෝම කියන දෙයක් තමා Binary Options කියන්නේ ඉතාමත් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක් කියලා.

ඒත් ඇත්තටම Binary Options Trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක් වුනාට හැමෝම කියන තරම් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක් නම් නෙමේ.

ඒ වගේම තමයි Binary options Trading වලදී අපිට ලැබෙන ප්‍රතිලාභය තරමටම අවදානමකුත් තිබෙන නිසා ඔබට අවදානමට ලක් කල නොහැකි මුදලක් නම් කිසිවිටකවත් මේ සඳහා යොදවන්න එපා.

මනා පුහුණුවක් ලබා ගැනීමෙන් පසු ඉතා ඉවසීමෙන් යුතුව Trade කරන කෙනෙක්ට දවසට පැය භාගයක් පමණ trade කර ඉතා ඉහල ආදායමක් ලබන්න පුළුවන්.

දැන් අපි බලමු කොහොමද මේ Binary Options Trading කරන්නේ සහ ඒක හැමෝම කියන තරම් ලේසි දෙයක් නොවෙන්නේ ඇයි කියලා.

Binary Options Trading කියන්නේ මොකක්ද?

කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් අනුමාන කරලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.

Binary Options වලදීත් අපි trade කරන්නේ commodities (වෙළෙඳ භාණ්ඩ, උදා:බොරතෙල්, රත්තන්), currencies (මුදල් වර්ග, උදා: USD, JPY,AUD), indices (දර්ශක, උදා:Dow Jones Industrial Average,S&P 500 Index), cryptocurrencies(ගුප්තක, උදා: Bitcoin, Litecoin, Etherium) සහ stocks(කොටස්, උදා: Google Stocks, Amazon stocks) තමයි. ඔයාලා register වෙන බ්‍රෝකර් අනුව ඔයාලට මේ හැම එකම trade කරන්න අවස්තාව නොලැබෙන්නත් පුළුවන් හුගාක් බ්‍රෝකර්ලා currencies, cryptocurrencies, commodities සහ stocks trade කරන්න දෙනවා. බොහොමයක් බ්‍රෝකර්ලා indices trade කරන්න ලබා දෙන්නේ නෑ.

Binary Options Trading කරන්නේ කොහොමද?

අපි දැන් trade කරන්නේ apple company එකේ stock කියමුකෝ

දැන් apple company එකේ stock price එක 161.35 අපි ඊටපස්සේ option එක සඳහා යොදවන මුදලයි මෙම option එක අවසන් විය යුතු වෙලාව (expiration time) යි තෝරලා trade එක දාන්න තියෙන්නේ.

apple company එකේ stock price එක expiration time එක ඉවරවෙද්දී අපි trade එක පටන්ගත්තු වෙලාවේ stock price එකට වැඩි වෙයි කියල හිතෙනවනම් අපි තෝරාගන්න ඕනේ call option එක, stock price එක අඩු වෙයි කියල හිතෙනවනම් අපි තෝරාගන්න ඕනේ put option එක.

expiration time එක ඉවරවෙනකොට අපි predict කරපු විදියට stock price එක තිබ්බොත් අපි option එකට invest කරපු ප්‍රමාණයට 95% දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.

එතකොට මේක සූදුවක්ද?

මුලින්ම ඔයා තීරණය කරන්න ඕනේ එක option එකකට කීයක් invest කරනවාද කියලා
මම නම් කියන්නේ ඔයාලගේ account balance එකෙන් 5% ට වැඩිය එක option එකකට invest කරන්න එපා

දැන් අපි බලමු trade එකක් කරන විදිය

 

 

Binary Options Trade කරනකොට ඔයාලා දැනගන්නම අවශ්‍ය කරුණු කීපයක් තියෙනවා

 

 

 

සාමාන්‍යයෙන් අපිට Binary Options Trading ක්‍රම දෙකකට කරන්න පුළුවන්.

  1. පළවෙනි ක්‍රමය තමා සූදුවක් (Gambling) කරන ආකාරයට කිසිම වෙළෙඳපල විශ්ලේෂණයක් (Market Analysis) නොකර Trade කරන එක.
  2. දෙවෙනි ක්‍රමය තමා ඉතාමත් හොඳින් වෙළෙඳපල විශ්ලේෂණයක් (Market Analysis) කරලා Trade කරන එක.

ඔයා පලවෙනි ක්‍රමය අනුගමනය කලොත් නම් වෙන්නේ ඉතාමත් ඉක්මනින් ඔයාලා ලඟ තියෙන සේරම සල්ලි ටික නැති වෙන එක.

හැබැයි ඔයා දෙවෙනි ක්‍රමය අනුගමනය කරන සාර්ථක Binary Options Trader කෙනෙක් වුනොත් නම් ඔයාට Binary Options Trading ස්ථාවර ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්.

ඔයාටත් සාර්ථක Binary Options Trader කෙනෙක් වෙන්න ඕන නම් ඔයාලට Forex Market එක ගැන සහ Market Analysis කරන ආකාරය පිළිබඳව ඉතා හොඳින් ඉගෙනගැනීමට සිදුවෙනවා.

අපි දැන් බලමු Binary Options Trading සූදුවකින් වෙනස් වෙන්න තියෙන එකම සාධකය මොකක්ද කියලා.

ඔයාලා හැමෝම දන්නවා සූදුවකදී අපි කරන්නේ අහඹු සිදුවීම් වලට ඔට්ටු අල්ලන එක. නමුත් Binary Options ඊට හාත් පසින්ම වෙනස්. Binary Options වලදී අපි කරන්නේ Market Analysis එකක් කරලා ඒ අනුව Call හරි Put හරි Trade එකක් දාන එක.

අපි දාපු Trade එකට අපිට ලැබෙන්න පුළුවන් Results 3ක් තියෙනවා,

  1. Trade Opening price = Trade Closing Price (අවසන් මිල ආරම්භක මිලට සමාන අවස්ථාව)
  2. Trade Opening price < Trade Closing Price (අවසන් මිල ආරම්භක මිලට වඩා වැඩි වන අවස්ථාව)
  3. Trade Opening price > Trade Closing Price (අවසන් මිල ආරම්භක මිලට වඩා අඩු වන අවස්ථාව)

අපි දාපු Trade Type එක CALL එකක් ද PUT එකක්ද අනුව, අපිට ලැබෙන්න පුළුවන් Results 3 අනුව, අපිට win trade එකකට 91% Pay කරන Broker කෙනෙක් එක්ක Trade කලොත් අපිට ලැබෙන ගෙවීම (Payout) එක සහ ශුද්ධ ලාභය (Net Profit) එක බලමු.

 

Trade Type

Result

Trade Amount

Payout

Net Profit

CALL

Trade Opening price = Trade Closing Price

100 USD

100 USD

0 USD

CALL

Trade Opening price < Trade Closing Price

100 USD

191 USD

91 USD

CALL

Trade Opening price > Trade Closing Price

100 USD

0 USD

0 USD

PUT

Trade Opening price = Trade Closing Price

100 USD

100 USD

0 USD

PUT

Trade Opening price < Trade Closing Price

100 USD

0 USD

0 USD

PUT

Trade Opening price > Trade Closing Price

100 USD

191 USD

91 USD

 

අපි දැන් Binary Options Trading කරද්දී Market Analysis එකක් නොකර සූදුවක් විදියට කලොත් මොකද වෙන්නේ කියලා බලමු,

සූදුවකදී අපි ඔට්ටු අල්ලන්නේ අහඹු සිදුවීම් වලට ඒක නිසා අපි දිනන නොදිනන බව තීරණය වෙන්නේ දිනන්න තිබෙන සම්භාවිතාව මත.

අපි ඒක නිසා දැන් කාසියක් උඩ දාන අවස්ථාවකට Binary Options Trading සම්බන්ධ කරලා බලමු.

Binary Options Broker ඔයා ලගට ඇවිත් කියනවා මම කාසියක් උඩ දානවා, ඔයා කියන්න ඕන Head ද Tail ද වැටෙන්නේ කියලා. ඔයා හරියටම වැටෙන එක කිව්වොත් ඔයා දිනුම්. ඔයා දින්නොත් මම ඔයාට 91 USD වෙනකන් මුදලක් දෙනවා හැබැයි මේ මම දෙන උපරිම ගාන, හුඟක් වෙලාවට මම දෙන්නේ 80 USD වගේ ගානක් සමහර වෙලාවට මම දෙන 20USD වගේ ඉතාමත් සුළු ගානක් වෙන්නත් පුළුවන්. හැබැයි වේලාවෙන් වෙලාවට මම දෙන ගාන වෙනස් උනාට මම කාසිය උඩ දන්නා කලින් ඔයාට කියනවා ඔයා දින්නොත් මම කීයක් දෙනවද කියලා. හැබැයි ඔයා win කලේ නැත්නම් ඔයා මට 100USD දෙන්න ඕනේ. මම කාසිය කොයි වෙලාවේ උඩ දැම්මත්, ඒ කියන්නේ මම ඔයා දින්නම දෙන ගාන 20 USD වගේ ඉතාමත් අඩු මුදලක් වෙන වෙලාවක උනත් ඔයා මට 100 USD දෙන්න ඕනේ. බැරිම වෙලාවත් කාසිය head හරි Tail හරි නොවැටී කෙලින් හිටියොත් මම ඔයාගෙන් කීයක්වත් ගන්නෙත් නෑ මම ඔයාට කීයක්වත් දෙන්නෙත් නෑ.

දැන් එතකොට අපි මෙතැනදී අපි දන්නවා අපි දාන Trade එකකින් අපි දිනන්න පුළුවන් සම්භාවිතාවය 1/2 වගේම Broker දිනන්න පුළුවන් සම්භාවිතාවත් 1/2 යි.

දැන් අපි, අපි දාන trades අපි loss වුනාම අපිට වෙන පාඩුව සහ අපි දාන Trades අපි win කලාම Broker ට වෙන පාඩුව සසඳලා බලමු.

අපි winning trade එකකට 91% pay කරන Broker කෙනෙක් සමග කරපු Trades 4ක විස්තර තමා පහත Table එකේ තියෙන්නේ. මේ හැම Trade එකක්ම 100USD Trades.

Trade No

Trade Type

Winner

Profit for the trader

Profit for the broker

1

CALL

Broker

0 USD

100 USD

2

PUT

Trader

91 USD

0 USD

3

PUT

Broker

0 USD

10 USD

4

CALL

Trader

0 USD

91 USD

 

දැන් ඔයාලට ඉහත Table එක බැලුවම හොඳටම පැහැදිලි වෙන දෙයක් තමයි,

අපි Trade එකක් Win කලාම අපිට ලැබෙන්නේ 91 USD Broker Win කලාම Broker ට 100 USD ලැබෙනවා කියන එක.

ඒ කියන්නේ, Broker ගේ  Win profit එක 100% , අපේ win Profit එක 91%

තවත් හොඳට පැහැදිලි කරනවානම්, අපි දාපු Trades අපි Loss උනාම අපිට වෙන පාඩුව අපි Trade එකට යොදවපු මුදලට සමාන වෙනවා ඒ වගේම අපි Trade එක Win කලාම Broker ට වෙන පාඩුව Broker අපි win කරන Trade එකකට අපිට ගෙවන මුදල පමණයි.

දැන් ඔයාලට තේරෙනවා ඇති ඇත්තටම Trade එකක් Win කරන්න තියෙන සම්භාවිතාව 50/50 නිසා සැමවිටම Broker ට වාසි සහගතයි. මොකද Broker Win කරන Trade එකකට Brokerට ලැබෙන මුදල අපි Win කරන Trade එකකට අපිට ලැබෙන මුදලට වඩා වැඩියි.

මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ තවත් දෙයක් තමා අපි win කරන trade එකකට අපිට ලැබෙන මුදල තීරණය කරන්නෙ Broker බව සහ හැමවෙලාවෙම අපි win කරන trade එකකට අපිට ලැබෙන මුදල එකම අගයක නොපවතින බව.

අපි දැන් බලමු  ඉතා දීර්ඝ කාලයක් Trade කරද්දී ලාබයක් ලබන්න පුළුවන් නම් අපි Win කරන Trades වල ප්‍රතිශතය කොච්චර වෙන්න ඕනෙද කියලා.

දැන් ඔයාලට තේරෙනවා නේද කිසිම Market Analysis එකක් නොකර මේක සූදුවක් විදියට කලොත් ඔයාලට වෙන දේ.

සම්භාවිතාව අනුව දීර්ඝ කාලයක් trade කරද්දී ඔයාලා දාන Trades වලින් 50% වත් win කරයි කියලා හිතලා ඔයාලා trade කලොත් ඔයාලට අන්තිමට ඉතුරු වෙන්නේ Loss එකක් විතරයි. එහෙම වෙන්න හේතුව තමා ඔයා දින්නම ඔයාට ලැබෙන ගානට වඩා වැඩි ගණනක් Broker ට ලැබීම.

අපි දැන් බලමු පහත සමීකරණය භාවිතා කරලා අපේ Win profit එක 90% වෙනකොට සහ Broker ගෙ Win profit එක 100%  වෙනකොට අපිට පාඩුවක් නොවෙන්න (Break Even)  නම් අපි දාපු Trades වලින් කොච්චර ප්‍රතිශතයක් Win කරන්න ඕනෙද කියලා

අපි Win කරන Trade එකකට Broker ගෙන් අපිට ලැබෙන ලාභ (Profit) ප්‍රතිශතය = X (මේ ප්‍රතිශතය තීරණය කරන්නේ නම් Broker හැබැයි ඔයාලා Trade එකක් දාන්න කලින් ඔයාලට මේ ප්‍රතිශතය Broker පෙන්නනවා)

Broker Win කරන Trade එකකට Broker ට  අපෙන් ලැබෙන ලාභ (Profit) ප්‍රතිශතය = Y (අපි උඩදී කතා කළා වගේ මේ ප්‍රතිශතය නම් 100%)

අපි දාන Trades වලින් පාඩුවක් නොවෙන්න අපිට තිබිය යුතු අවම Winning ප්‍රතිශතය = Z

Z = Y / (Y+X)

X = 90%

Y = 100%

Z = ?

Z = 100% / (100% + 90%)

Z=52.63%

 

 

අපි හැමෝම දන්න Broker කෙනෙක් තමා IQ Option කියන්නේ

අපි දාන trade එකක් Win කලොත් IQ Option එකෙන් අපිට අපි invest කරපු ප්‍රමාණය වගේ 91% තමා අපිට ලැබෙන්න පුළුවන් උපරිම ශුද්ධ ලාබය.

උදාහරණයක් විදියට ගත්තොත් අපි 100 USD Trade එකක් දානවා Trade එක Expire වෙනකොට දැන් මාකට් එකේ අගයට වඩා වැඩි අගයක් තියෙනවා කියලා.

අපි මේ Trade එක win කලොත්,

අපිට ලැබෙන්න පුළුවන් උපරිම ශුද්ධ ලාබය = 91 USD

අපි මේ Trade එක loss උනොත්,

අපිට ලැබෙන නියත ශුද්ධ ලාබය = -100 USD

දැන් අපි මේ Trade එකම Binary Options Broker ගෙ පැත්තෙන් බලමු.

Broker මේ Trade එක win කලොත්,

Broker ට ලැබෙන්න පුළුවන් නියත ශුද්ධ ලාබය = 100 USD

Broker මේ Trade එක loss උනොත්,

Broker ට ලැබෙන ශුද්ධ ලාබය = 9 USD

හැමෝටම දැන් තේරෙනවනේ අපිට

 

 

 

මේක නිකන් හරියට මෙහෙම දෙයක් අපි මේක සූදුවක් විදියට හිතුවොත් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්

Binary Options Broker ඔයා ලගට ඇවිත් කියනවා මම කාසියක් උඩ දානවා, ඔයා කියන්න ඕන Head ද Tail ද වැටෙන්නේ කියලා. ඔයා හරියටම වැටෙන එක කිව්වොත් ඔයා දිනුම්. ඔයා දින්නොත් මම ඔයාට 91 USD වෙනකන් මුදලක් දෙනවා හැබැයි මේ මම දෙන උපරිම ගාන, හුඟක් වෙලාවට මම දෙන්නේ 80 USD වගේ ගානක් සමහර වෙලාවට මම දෙන 20USD වගේ ඉතාමත් සුළු ගානක් වෙන්නත් පුළුවන්. හැබැයි වේලාවෙන් වෙලාවට මම දෙන ගාන වෙනස් උනාට මම කාසිය උඩ දන්නා කලින් ඔයාට කියනවා ඔයා දින්නොත් මම කීයක් දෙනවද කියලා. හැබැයි ඔයා win කලේ නැත්නම් ඔයා මට 100USD දෙන්න ඕනේ. මම කාසිය කොයි වෙලාවේ උඩ දැම්මත්, ඒ කියන්නේ මම ඔයා දින්නම දෙන ගාන 20 USD වගේ ඉතාමත් අඩු මුදලක් වෙන වෙලාවක උනත් ඔයා මට 100 USD දෙන්න ඕනේ. බැරිම වෙලාවත් කාසිය head හරි Tail හරි නොවැටී කෙලින් හිටියොත් මම ඔයාගෙන් කීයක්වත් ගන්නෙත් නෑ මම ඔයාට කීයක්වත් දෙන්නෙත් නෑ.

 

හැමෝම සම්භාවිතාව දන්නවනේ අපි එහෙනම් බලමු අපිට Binary Options වලින් ලාභ ලබන්න නම් අපි දාන Trades ප්‍රමාණයෙන් කීයක් win කරන්න ඕනෙද කියලා

No comments:

Post a Comment