Wednesday, April 7, 2021

Binary.com Options Broker Tutorial in Sinhala for Sri Lankans - බයිනරි.com බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ගැන සිංහලෙන්

 

1. බයිනරි.com ට්‍රේඩ් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ? How to open a binary.com free practice account ?


දිගුකාලීනව Binary Option කරගෙනයාමට ඔබට  විශ්වාසනීය තැරව් කරුවෙකු (broker) සතු ගිණුමක් තිබියයුතුය. අප අවුරුදු 10 කට අසන්න කාලයක් ගනුදෙනු කල Binary com ඔබ වෙත හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු. මෙම බ්‍රෝකර් සමගම සමග ඍජුවම අප සම්බන්ද වී ඇති නිසා ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරදීමට අප බැඳී සිටින බව කිව යුතුය. ඒ නිසා දකුණු පස ඇති binary බැනරය click කර binary com වෙත යන්න. Direct signup වෙන්න අවශ්‍ය අය පහල link එකෙන් යන්න. ( බැනරය ක්‍රියාත්මක නොවන අවස්ථාවක් වෙතොත් මෙය භාවිතා කරන්න Fxguidelk


ඔබ Mobile Phone එකකින් අපගේ Blogpost එකට පැමිණ ඇත්නම්  View Web Version Link එක Click කරන්න. එවිට ඔබට වඩාත් පහසුවෙ

කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.

මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා !  😎 

ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු පහත ආකාරයේ ලියාපදිංචි විය යුතු ස්ථානයක් පෙන්වනවා. වම් අත පැත්තේ තියෙන කොටුවේ ඔබේ ඊමේල් ලිපිනය සදහන් කර දකුණු අත පැත්තේ තිබෙන "Create Free Account" ලින්ක් එක ක්ලික් කරන්න.

how to register with binary.com option broker sinhala sri lanka

ඉන්පසු පහත ආකාරයේ message එකක් දිස්වේවි. 

binary.com registration step one message - Sinhala Tutorial in Sri Lanka

ඔබේ ඊමේල් ලිපිනය වෙත ඔවුන් ඊමේල් පණිවිඩයක් එවලා තියෙනවා ලින්ක් එකක් එක්ක පහත පින්තුරයේ ආකාරයට ( ඔවුන් මෙසේ එවන්නේ ඔබේ ඊමේල් ලිපිනය තහවුරු කරගන්න ඕන නිසා ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.

email confirmation of binary.com broker in sinhala sri lanka

ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. මෙහි ඔබට කැමති මුරපදයක් දෙසැරයක් සටහන් කරන්න ( සිම්පල්, කැපිටල් ඉංග්‍රීසි අකුර සමග අංක ඇතුලත් අඩුම ගණනේ අකුරු 6කින් සමන්විත විය යුතුය ). ඉන්පසු "Sri Lanka" තෝරාගන්න.

create-password-in-binary.com-account-in-sinhala-sri-lanka

දැන් ඔබට ලැබේවි පහත ආකාරයේ පිටුවක්. මෙහි ඔබේ විස්තර ටික සදහන් කරන්න තියෙන්නේ

Mr , Mrsද Missද කියල "Title" එකෙන් තෝරාගන්න. ඉන්පසු First name එකට ඔබේ මුල් නම, Family name එකට වාසගම සහ Date of birth එකට උපන් වර්ෂය සදහන් කරන්න. ( යම් විදියකින් දිග නමක් නම් තියෙන්නේ initials ටික දාගන්න First name එකට සහ වාසගම විතරක් Family name එකට යොදවාගන්න )

"Account opening reason" කියන එකට "income earning" තෝරාගන්න. "First line of home address" එකට ඔබේ ලිපිනය, Town/City එකට ඔබේ නගරය, State/Province එකට ඔබේ ප්‍රදේශය, Postal code/ZIP එකට පොස්ටල් කේතය යොදවන්න ( ඔබගේ ප්‍රදේශයට අදාල පෝස්ටල් කේතය ගූගල් කරලා හෝ මෙම ලින්ක් එක මගින් ලබාගන්න. Postal codes of Sri Lanka  ). ඒවගේම Telephone එකට ඔබේ දුරකථන අංකය සටහන් කරන්න. "Secret question" එකට ඔබට පුළුවන් කැමති ප්‍රශනයක් තෝරාගෙන "Answer to secret question" එකේ කැමති පිළිතුරක් සදහන් කරන්න ( යම් විදියකින් ගිණුමේ මුරපදය මතක නැති වුනොත් මේකෙන් මුරපදය රෙසෙට් කරගන්න පුළුවන් . ඒක නිසා මතක තියාගන්න යොදවන ප්‍රශ්නය සහ පිළිතුර )

අනිත්මට I acknowledge that I am not a politically exposed person (PEP). සහ I have read and agree to the terms and conditions of the site කියන දෙකටම හරි ලකුණක් යොදවන්න. දැන් "Open Account" ක්ලික් කරන්න.

submit your details to open a real account sinhala sri lanka

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. ඔබට කැමති මුදල් ඒකකයක් ගිණුමේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස තෝරාගන්න පුළුවන්. ( ක්රිප්ටෝ වැනි මුදල් එකක තෝරාගැනීමේදී අමතක කරන්න එපා ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම අධික බව. යුරෝ හෝ ඩොලර් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ක්රිප්ටෝ තේරුවොත් ඔබට මුදල් දැමීමේදී සහ ගැනීමේදී බිත්කොයීන් භාවිතා කල යුතු වෙනබව අමතක කරන්න එපා ). ඉන්පසු "confirm" තෝරාගන්න. 

choose deposit currency in binary.com live account in sinhala sri lanka

ඉන්පසු ඔබට "Cashier" කියලා සදහන් පිටුවක් ලැබේවි. නුමුත් අපි දැන්ම සල්ලි දන්නේ නැතුව බලමු කොහොමද මේකේ ඩෙමෝ ට්‍රේඩ් කරන්නේ සහ මොනවද මේක තියෙන දේවල් කියලා. ඒක නිසා පිටුවේ වම් පස උඩම තියෙන "Trade" කියන මෙනු එක වෙත පිවිසෙන්න.

2.  ඩෑෂ්බෝර්ඩ් සහ වෙබ් ට්‍රේඩින් මෘදුකාංගය / Dashboard and Web Trading Platform

"Trade" ලින්ක් එක ඔබ පිවිසි පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. අපි මුලින්ම බලමු පිටුවේ ඉහල කොටසේ තිබෙන දේවල්. ඉන්පසු පහල කොටසේ තියෙන චර්ට් එක බලමු.  

dashboard of binary.com option broker in sinhala by prathilaba

1 - Demo Account & Live Account / පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම්  : 

මේතැනින් ඔබට පෙන්වන්නේ සත්‍ය ගිණුමේ ශේෂය ( Real Money Account ) හෝ ඩෙමෝ ගිණුමේ ශේෂය ( Virtual Demo Money Account ). ගිණුම ආරම්භ කරපු ගමන්ම මෙතන පෙන්වන්නේ සත්‍ය මුදල් ගිණුමේ ශේෂය, එය මත ක්ලික් කිරීම මගින් ලැබෙන popup window එකේ පෙන්වන ඩෙමෝ ගිණුමට මාරුවෙන්න ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කිරීම සදහා.  ඒවගේම ඔබේ "Profile" එකේ තොරතුරු වෙනස් කරගන්න වගේම . "Sign Out" ලින්ක් එකත් මේ popup window එකේම තමයි තිබෙන්නේ. 

2 - Deposit Money / මුදල් යොදවන ස්ථානය  : 

මෙතනින් ඔබට පුළුවන් මුදල් යොදවන්න ( මෙනු එකේ තිබෙන "Cashier " ලින්ක් එකෙනුත් පුළුවන් )

3 - Choose Asset type  / ඇසට් වර්ගය තෝරාගමු

මෙතනින් ඔබට පුළුවන් ට්‍රේඩ් කරන්න කැමති asset වර්ගය තෝරාගන්න. Forex යටතේ තිබෙන Major pairs හෝ Minor pairs නවක ඔබට වඩාත් සුදුසුයි.

4 - Choose Currency Pair   / මුදල් යුගල තෝරාගැනීම

ඔබ Asset type විදියට තෝරාගත් ඇසට් වර්ගයට අදාළ මුදල් යුගල මෙතනින් තෝරාගන්න පුළුවන්. මුලික ලෙස EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY වැඩිපුර ට්‍රේඩ් වෙන ප්‍රධාන මුදල් යුගල කියන්න පුළුවන්. නුමුත් ඔබට කැමති ඕනෙම යුගලයක් හෝ ඕනෙම ට්‍රේඩ් instrument එකක් තෝරාගන්න පුළුවන්. 

5 - Up/Down Method

වෙනත් බයිනරි බ්‍රෝකර්ලට වඩා මේකේ ක්‍රම ගොඩක් සපයලා තියෙනවා ට්‍රේඩ් කරන්න නුමුත් අපි හොදයි කියලා හිතෙන සහ පාවිච්චි කරන්න පහසු ඒවා ටික බලමු. Up/Down එක යටතේ තිබෙන Rise/Fall කියන ක්‍රමය තමයි මුලිකම ක්‍රමය.  වැඩි වෙනවද අඩුවෙනවද කියල තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. ( නවක ඔබ Rise/Fall පමණක් දැනට භාවිතා කිරීම වඩාත් සුදුසුයි. )

6 - Touch/No Touch Method

මේකෙදි ඔයාට තීරණය කරන්න තියෙන්නේ ඔබ සදහන් කරන අගය දක්වා මිල යනවද නැද්ද කියල තීරණය කිරීම ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.

7 - In/Out Method

Ends Between/Ends Outside එකේදී ඔයාට තීරණය කරන්න තියෙන්නේ මිල යම් අගයන් දෙකක් අතර රදෙනවද එහෙමත් නැත්තම් එම අගයන් දෙකෙන් එළියේ රදෙනවද කියලා ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.

8 - Start Time ( with Rise & Fall method ) / ට්‍රේඩ් එක ආරම්භ කරන වෙලාව 

ඔබට දැන් සිට ට්‍රේඩ් එකට යොමු වීමට අවශ්‍ය නම් "Now" තෝරාගන්න පුළුවන්. එහෙම නැත්තම් එහි සදහන් වෙනත් වෙලාවක් තොරගන්නත් පුළුවන්.

9 - Duration ( with Rise & Fall method ) / ට්‍රේඩ් කාලය 

මෙතනින් ඔබට ට්‍රේඩ් එකේ කාලය තෝරාගන්න පුළුවන්.  සාමාන්‍යයෙන් විනාඩි 5 හෝ ඉහල කාලයක් වඩාත් සුදුසුයි.  

10 - Amount per Trade ( with Rise & Fall method ) / ට්‍රේඩ් එකකට යොදවන මුදල

"Payout" සහ "Stake" ක්‍රම දෙකෙන් ඕනෙම ක්‍රමයක් මෙතනින් තෝරාගන්න පුළුවන්.   මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න. 

11 - Higher ( with Rise & Fall method ) / වැඩිවෙනවා !

ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "higher" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න.

12 - Lower ( with Rise & Fall method ) / අඩුවෙනවා !

ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "lower" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න.

13 - Chart / චර්ට්

මේ කොටසේ තමයි ඔබ තෝරාගත් මුදල් යුගලයට අදාල චර්ට් එක පෙන්වන්නේ.

Chart Types in Binary.com Option Broker in Sinhala by prathilaba

a - Chart Time / චර්ට් වෙලාව  

Tick විදියට තමයි මේක ලැබෙන්නේ. ඒක වෙනස් කරගන්න විනාඩි 1කට හෝ ඔබට අවශ්‍ය ඉහල කාලයකට.

b - Chart Type/ චර්ට් වර්ගය

චර්ට් වර්ග බොහොමයක් තිබෙනවා. නුමුත් ට්‍රේඩින් සදහා වඩාත් උචිත වර්ගය තමයි "candlestick" කියන චර්ට් වර්ගය. ඒක නිසා චර්ට් වර්ගය ලෙස "candlestick" තෝරාගන්න.

C - Chart Indicators / චර්ට් දර්ශක වර්ග තෝරාගැනීම

මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ). මේක විශාල දර්ශක ප්‍රමාණයක් තිබෙනවා වෙනත් බයිනරි බ්‍රෝකර් ආයතන එක්ක බලද්දී. 

3. පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමු  / Trade Free in Practice Account

මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න

1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
Support / Resistance ගැන අවදානය යොමු කරාද ?
4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7  Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?

ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ වම් පස Start time, duration, Payout/Stake අගයන් අවශ්‍ය ආකාරයට සටහන් කර දකුණු පසින් higher හෝ lower ඉදිරිපස ඇති "purchase" තෝරාගැනීම විතරයි. ( විනාඩි 5 හෝ ඉහල අගයක් duration එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )

"Statement" මෙනු ලින්ක් එකෙන් ඔයාට ට්‍රේඩ් එකේ ප්‍රතිපල බලාගන්න පුළුවන්.

පුහුණු ගිණුමේ ඩෙමෝ virtual මුදල් 1000 වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා "Cachier" කියන ලින්ක් එක වෙත යොමුවෙන්න. ඉන්පසු "Get USD 10,000.00" virtual මුදල් තෝරාගන්න විතරයි තියෙන්නේ !

පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.

4. සත්‍ය මුදල් යොදවන්නේ කෙසේද ? / How to deposit real money to Binary.com option broker?

ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා.  අනිත් බයිනරි බ්‍රෝකර් ආයතන වල වගේම live සහ demo ගිණුම් අතරත් මාරු වෙන්න පුළුවන් පහසුවෙන්ම.  

"Deposit" කියන කහ පාට ලින්ක් එක වෙත පිවිසෙන්න ( හෝ මෙනු එකේ තියෙන "Cashier" ලින්ක් එක තෝරාගෙන ඉන්පසු ලැබෙන පිටුවෙන් "Deposit" තෝරාගන්න.  ).  ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි.  Skrill, Neteller හෝ bitcoin තෝරාගන්න.

choose deposit wallet type in binary.com live account in sinhala Sri Lanka

ඔබ Skrill තෝරාගත්තා නම් පහත ආකාරයේ පිටුවක් ලැබේවි. මෙහි USD $ එකට ඉදිරිපිට ඔබ යොදවන්න යන මුදල් සදහන් කරන්න ( $5 සිට $20,000 දක්වා එකවරකට දැමිය හැක ). ඉන්පසු "Next" තෝරගෙන ඔබේ ගිණුමේ තොරතුරු සටහන් කර මුදල් ගෙවීම සිදුකරන්න.

choose deposit  using Skrill or Neteller in binary.com live account in sinhala Sri Lanka

ගෙවීම සාර්ථකනම් ඔබට සාර්ථක වූ බවට සදහන් පිටුවක් ලැබෙනවා වගේම ගිණුමේ ශේෂයද වැඩිවෙනවා.

5. මුදල් ලබාගන්නේ කෙසේද ? How to make money withdrawals to e-wallet ?

"Cashier" ලින්ක් එක වෙත ගොස් "Withdraw" තෝරාගන්න. ඉන්පසු ඔබට "Please check your email for the verification link to complete the process."  කියලා සදහන් පිටුවක් දිස්වේවි. මේකෙන් කියන්නේ මුදල් ගැනීම තහවුරු කරන්න කියලා. ඒ සදහා ලින්ක් එකක් එක්ක ඊමේල් පණිවිඩයක් ඔබේ ඊමේල් ලිපිනයට එවලා ඇති. එම ලින්ක් එක වෙත පිවිසෙන්න.  ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි Payout Request ඉදිරිපිට ඔබට ලබාගන්න ඕන මුදල් සටහන් කරන්න. ඉන්පසු ඔබ මුදල් යෙදවූ ක්‍රමයම තෝරන්න මුදල් ලබාගැනීම සදහාත් ( Bitcoin ලෙස මුදල් withdraw කරන්න පුළුවන් ගිණුමේ මුදල් ඒකකය ලෙස bitcoin තෝරපු අයට පමණයි හොදේ ).  දින 1-3 වගේ අතරදී ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා !

how-to-withdraw-in-binary-com-live-account-stage-three sinhala sri lanka

6. අනන්‍යතාවය තහවුරු කරගැනීම / Identity Verification in Binary.com Binary Options Broker

මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපත්‍රයක්  හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ  ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )

ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ Contact Us පිටුවේ තියෙන support ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න ගිණුම තහවුරු කරගන්න ඕන බව සදහන් කරමින්. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත  සදහන් ස්කෑන් හෝ කැමරා කොපි ලබාගෙන යවන්න. 

i) ගුවන් ගමන් බලපත්‍රයක්  හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ  ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )

ii) මාස හයක් ඇතුලත ඔබේ නමට ලැබුණ utility බිල් පතක් ( Water, Electricity, Internet, Phone etc.. ) හෝ මාස හයක bank statement එකක්.

දින 2 - 14 ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා. 

Binary.com නියාමනය / Regulation Body of the broker

එකසත් රාජධානිය පාදක කරගත් නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන්ගේ නියාමනය ගැන වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියේ වම් පස පහල තිබෙන Regulatory Information ලින්ක් එක හරහා ඔබට වැඩි දුර දැනගන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ කාර්යාල ජපානය, මැලේසියාව, මෝල්ටාව සහ අයිසල් ඔෆ් මෑන් හි පිහිටලා තිබෙන ශක්තිමත් ආයතනයක්.  

මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා.  ජයවේවා ! 😎




( To learn about it in English, you may refer to Binary.com Options Broker Tutorial in English article. )

2 comments:

  1. Mata driving license eka ne. ithin meke verification eka karanna bene. ithin man mage sahodarayekge name ekata real account ekak open kalaka kamak nedda? eyage details dala..

    ReplyDelete